Print

කාබුල් නුවර පාර්ලිමේන්තුව අසළ බෝම්බ පිපිරීමක්

on .

000 JG4R6

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පාර්ලිමේන්තුව අසළදී බෝම්බ දෙකක් ඊයේ පුපුරා ගොස් තිබෙනවා. 

30 දෙනෙකු මිය ගියා.  තුවාල ලැබූ ගණණ 80ක් බවයි, වාර්තා වන්නේ.  වැඩි දෙනෙකු සාමාන්‍ය පුරවැසියන්. 

මේ අතර කන්දහාර් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයාගේ සංචාරක නිල නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 11 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් තානාපතිවරයා ද සිටින බවයි වාර්තා වන්නේ.  මීට අමතරව හෙල්මන්ඩ් ප්‍රාන්තයට ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.  මෙය තලේබාන් සංවිධානයේ ප්‍රහාරයක් බවයි, වාර්තා වන්නේ.

  7 දෙනෙකු මිය ගියා.  මීට වගකිව යුත්තන්ට දැඩි දඩුවම් පමුණුවන බව, ජනාධිපති අෂරෆ් ගානි සඳහන් කරනවා.