FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අමෙරිකාවේ මීළග නීතිපතිට සෙනෙට් සභා ප්‍රශ්න කිරීම් ලේසි නැහැ

on .

jeffffaa

අමෙරිකාවේ මීළගට පත්වීමට නියමිත නීතිපතිවරයාට සෙනෙට් සභාවේ ප්‍රශ්න කිරීම දුෂ්කරවනු ඇතැයි, මත පළවී තිබෙනවා. 

කෙසේ වෙතත් මොහුගේ පත්වීම වැළැක්වීමට නොහැකි බවයි, වාර්තා වන්නේ.  නීතිපතිවරයා ලෙස ඔහු නම් කරන ලද්දේ අමෙරිකාවේ මීළග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.  ඇලබෑමාහි සෙනෙට් සභික 69 හැවිරිදි ජෙෆ් සෙෂන්ස් නව නීතිපතිවරයා ලෙස පත්වීමට නියමිතයි. 

මේ පත් කිරීමට ප්‍රථම අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ ප්‍රශ්න කිරීම සම්ප්‍රදායක්.  ජෙෆ් සෙෂන්ස් මුහුණ දියයුතු ප්‍රශ්න අතර, අතීතයේ ඔහුට සම්බන්ධ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරකම් විශේෂවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

  සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔහුගේ දැඩි ආගමන ස්ථාවරය අභියෝගයට ලක් කරනු ඇතැයි සඳහන්.  ඔහුගේ පත්වීම වැළැක්වීමට සෙනෙට් සභාව තුළ ප්‍රති විරුද්ධ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බලයක් හිමිව නැහැ.