FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පැරණිතම පාන් ගැන සාක්ෂියක්

on .

 

180717050516-jordan-bread-intl-exlarge-169

ලොව පැරණිතම පාන් වර්ගයක් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට, පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිනවා.

පුළුස්සන ලද එම පාන්, වසර 14,400කට පෙර භාවිත කරන ලද්දක් බවයි, ඔවුන් පවසන්නේ. එම පාන් සොයාගෙන ඇත්තේ, ඊසානදිග ජෝර්දානයේ බ්ලැක් ඩෙසට් කාන්තාරයෙන්.

 

දඩයම් සහ ගඩාගෙඩි ආහාරයට ගත් අවධි අතහැර, මිනිසා ස්ථාවර කෘෂිකාර්මික රටාවකට යොමු වූයේ මීට වසර දස දහසකට පමණ පෙර බවයි, වාර්තා වන්නේ. මෙම පාන් මිනිසා කෘෂිකර්මාන්තය ආරම්භ කළ අවධියට වඩා වසර 4,000ක් පැරණි බව, පුරාවිද්‍යාඥයින් පවසනවා.

ඒ අනූව, ආදි මානවයා, කැලෑ ධාන්‍ය යොදා ගනිමින් පාන් නිෂ්පාදනය කිරීමෙන්, කෘෂිකාර්මික විප්ලවයකට මගපෑදූ බවයි, පුරාවිද්‍යා විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.

විශේෂාංග පුවත්

Footer Banner b