FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අල්කයිඩා පැහැරගත් - විදේශ ජාතිකයන්ගේ වීඩියෝවක් නිකුත් වෙයි

on .

mali hostage

මාලි රාජ්‍යයේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් පැහැර ගත් විදේශ ජාතිකයන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ප්‍රංශ සහන සේවකයෙකු හා කොළොම්බියානු පූජකවරියක් කැරලි කණ්ඩායම විසින් පැහැර ගෙන ඇත්තේ, 2016 හා 2017 වර්ෂවලදී. ජමා නුස්රාත් උල් ඉස්ලාම් වා අල් මුස්ලිම්න් නමැති සන්නද්ධ කණ්ඩායම අදාළ වීඩියෝව පසුගියදා අන්තර්ජාලයට මුදාහැරයි.

ඉකුත් වසර කිහිපයේ දී විදෙස් ජාතිකයන් හය දෙනෙකු පමණ පැහැර ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවයි, වාර්තා වන්නේ. සොෆී පෙට්‍රෝනින් නමැති ප්‍රංශ ජාතික සහන සේවිකාව මාලි රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ දී පැහැරගෙන ඇත්තේ 2016දී.

ග්ලෝරියා සෙලිසියා නමැති කොළොම්බියානු ජාතික පූජකවරිය ද අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් 2017 වසරේ දී බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ආසන්න දේශසීමා ප්‍රදේශයේ දී පැහැරගෙන තිබෙනවා.

විශේෂාංග පුවත්

Footer Banner b