FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යේමනයේ ගැටුම්වලි 40ක් මිය යයි

on .

214555e0312c4d7aaf12c354a161c98f 18

යේමන රජයට පක්ෂපාත කණ්ඩායම් හා හවුති කැරලිකරුවන් අතර, ගැටුම්වලින් 40කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

ප්‍රධාන වරාය නගරයක් මුදාගැනීමට ආරක්ෂක අංශ දැවැන්ත ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇති බවයි, වාර්තා වන්නේ.  කැරලිකරුවන් යටතේ පවතින හුඩයිඩා වරාය නගරය මුදාගැනීමට යේමන රජයට පක්ෂ කණ්ඩායම්වල අපේක්ෂාවයි. 

ඊට සෞදි අරාබි ආරක්ෂක අංශ සහය ලබා දී තිබෙනවා.  එහි දී රජයට පක්ෂපාත කණ්ඩයම් හා හවුති කැරලිකරුවන් අතර දරුණු ගැටුම් හටගැනුණා.  ප්‍රහාරවලින් හවුති කැරලිකරුවන් 30 දෙනෙකු මියගොස් තිබෙනාව.  ආරක්ෂක අංශ සාමාජිකයන් නව දෙනෙකු ද මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. 

ආධාර සැපයුම් සිදු කෙරෙන ප්‍රධාන ලෙස, හුඩයිඩා වරාය හැඳින්වෙනාව.  යේමන රජයට පක්ෂපාත කණ්ඩායම් නගරයේ ගුවන් තොටුපොළට කිලෝ මීටර 02ක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි, වාර්තා වන්නේ.  ගැටුම් හේතුවෙන්, සිවිල් වැසියන්ගේ ඉරණම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

විශේෂාංග පුවත්

Footer Banner b