FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉතිහාසගත හමුවෙන් පසු ට්‍රම්ප් ගත් තීරණය

on .

trump

දකුණු කොරියාව සමග යුද අභ්‍යාස නවතා දමන බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. 

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග ඊයේ පැවැති හමුවෙන් අනතුරුව, මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.  අමෙරිකානු හා උතුරු කොරියානු ජනාධිපතිවරු අතර ඉතිහාසයේ පළමු වරට හමුවක් සිදුවූයේ ඊයේ දිනයේදී.

ඒ, සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී.  පැය 5කට පමණ අධික කාලයක් පැවැති හමුවෙන් අනතුරුව, අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමවේ අදහස් පළ කළා.  එහිදී ඔහු කියා සිටියේ, සාකච්ජාව පිළිබඳව තමන් සුබවාදී වන බවයි.  කොරියානු අර්ධද්වීපයේ යුද ක්‍රියාකාරම් නවතා දමන බව ඔහු එහිදී ප්‍රකාශ කළා. 

එම අභ්‍යාස සඳහා විශාල පිරිවැයක් වැය වන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.  කොරියානු අර්ධද්වීපයේ රඳවා සිටින තම භටයින් ආපසු කැඳවීමට ක්‍රියා කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

විශේෂාංග පුවත්

Footer Banner b