FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලැට්වියාවේ මහ බැංකු අධිපති අත්අඩංගුවට

on .

 42634550 303

 ලැට්වියාවේ මහ බැංකු අධිපති ඉමාස් රිම්සෙවික්ස් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දූෂණ විමර්ශන පරීක්ෂණ සඳහා. ලැට්වියාවේ මහබැංකු අධිපතිවරයාගේ නිවස හා කාර්යාලය නිලධාරින් විසින් ඊයේ වටලනු ලැබුවා.

 

විමර්ශනය පිළිබඳ කිසිඳු තොරතුරක් ලබා දීමට ලැට්වියාවේ දූෂණ වළක්වාලීමේ කාර්යාංශය පියවර ගෙන නැහැ. හදිසි කැබිනට් හමුවක් අද පැවැත්වීමට ලැට්වියාවේ අග්‍රාමාත්‍ය මාරිස් කුසින්ස්කිස් තීරණය කර තිබෙනවා.

එහෙත්, ඔහු ප්‍රකාශ කරන්නේ, දූෂණ විමර්ශන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි. ලැට්වියාවේ දූෂණ සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණවලට මැදිහත්වීමට තමන්ට හෝ වෙනත් කිසිඳු නිලධාරියෙකුට කිසිඳු හේතුවක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. ඒ සඳහා රජයේ පූර්ණ සහය හිමිවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂාංග පුවත්

Footer Banner b