FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අමෙරිකාවේ කොටස් වෙළදපොළ දරුණු ලෙස කඩාවැටීමකට

on .

US stock market

අමෙරිකාවේ කොටස් වෙළෙදපොළ දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙනවා.

2008 වසරින් පසු එහි වාර්තා වූ අවම අගය මෙයයි. අමෙරිකාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළක් වන ඩව් ජෝන්ස් කොටස් වෙළෙදපොළ ඒකක 1175කින් පහළ ගොස් තිබෙනවා.

එරට ප්‍රධාන කොටස් වෙළෙඳපොළ 4.6% දක්වා පහළ ගියා. 2008 මූල්‍ය අර්බුදය පවතින අවස්ථාවේ වාර්තා වූ ඒකක 777ක ඉකුත් වාර්තාව මෙමගින් ඉක්මවා තිබෙනවා.

කොටස් වෙළෙඳපොළ කඩාවැටීමෙන් පොලී අනුපාතික ඉහළ යන බවට ද ආයෝජකයන් බිය පළකරනවා. අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුව වැටුප් වැඩිවීමේ ශක්තිමත් වාර්තා එළි දැක්වීමත් සමඟයි. එරට කොටස් වෙළෙදපොළ මෙලෙස කඩාවැටීමට ලක්ව ඇත්තේ.

විශේෂාංග පුවත්

Footer Banner b