FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

එලිනෝර් කුණාටුවෙන් යුරෝපයට දැඩි බලපෑම්

on .

Germany-Europe-Storm

එලිනෝර් සුළි කුණාටුවෙන් යුරෝපයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කුණාටුවේ බලපෑමෙන් අනතුරු රැසක් සිදුවී ඇති අතර, තිදෙනෙකු මිය ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු දිග යුරෝපයටයි.

කුණාටුවේ වේගය ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර 160ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබෙනවා. එහි බලපෑමෙන් නිවාස ලක්ෂ ගණනක විදුලිය ඇණහිට ඇතිබවයි, වාර්තා වන්නේ.

ප්‍රංශයේ පමණක් නිවාස ලක්ෂ 02කට පමණ විදුලිය ඇණහිට තිබෙනවා. දැඩි සුළං හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණ ද සංචාරකයින් සඳහා වසා දමා ඇති බවයි, මාධ්‍ය වාර්තා දක්වන්නේ.

විශේෂාංග පුවත්

Footer Banner b