FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ජෙරැසලම අගනුවර වූ පසු ගසා හා බටහිර තීරය රත්වෙයි

on .

 99111840 mediaitem99105898
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෙරැසලම් ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමෙන් පසු ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ අර්බුදකාරී තත්වයක් මතුව තිබෙනවා. ඊයේ එම ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් 31 දෙනෙක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. බටහිර ඉවුරට, අමතර සෙබලුන් යෙදවීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ, පලස්තීනුවන් විරෝධතා දැක්වීම හේතුවෙන්. විරෝධතාකරුවන් පොලීසිය සමඟ ගැටුම් ඇති කර ගැනීම නිසා ඔවුන් පලවා හැරීමට කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කිරීමට සිදුවූ බවයි, වාර්තා වන්නේ. ගසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර කිහිපයක් ද එල්ල වී තිබෙනවා.

171148 9053103 updates

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයෙන් ද ත්‍රස්තවාදී ඉලක්ක දෙකකට ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර කිහිපයක් එල්ල කෙරුණා. අමෙරිකානු ප්‍රතිපත්ති වෙනස් කරමින් ජෙරැසලම සම්බන්ධයෙන් ඉතා සංවේදී තීරණයක් ගැනීම පිළිබඳ ලෝක ප්‍රජාවගේ විරෝධය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී තිබෙනවා.

eight col 000 UY6UV

 

p05qdlmr

Footer Banner b