FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කැලිෆෝනිය ලැව්ගිනි හේතුවෙන් ලක්ෂ 2ක ජනතාව ඉවතට

on .

1-108-696x391

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.

ලැව්ගිනි සිව්වැනි දිනටත් පැතිර යමින් පවතින බවයි, වාර්තා වන්නේ. ලැව්ගිනි හේතුවෙන් දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

තවත් අක්කර දහස් ගණනක් ගින්නෙන්විනාශ වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න මැඩපැවැත්වීමට ගුවන් යානා හෙලිකොප්ටර් සහ ගිනි නිවස භටයන් විශාල පිරිසක් යොදවා තිබෙනවා.

නමුත්, පැයට කිලෝමීටර් 120ක පමණ වේගයෙන් හමන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ අනතුරක් සිදුවී නැහැ. ගිනි නිවන භටයින් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව ලොස්ඇන්ජලීස් ගිනි නිවස දෙපාර්තමේන්තුව පවසනවා.

Footer Banner b