FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවරයි - ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරයි

on .

Donald-Trump-2-957x598

ජෙරුසලම, ඊශ්‍රායලයේ අග නගරය ලෙස පිළිගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැද පෙරදිග රටවල් බොහොමයක් අප්‍රසාදය පළ කරන බවයි, වාර්තා වන්නේ. ඊයේ ධවල මන්දිරයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් මේ බව කියා සිටියා. ජෙරුසලම ඉස්ලාම්, කිතුණු ආදී ආගම් කිහිපයක කේන්ද්‍රස්ථානය ලෙසයි සැලකෙන්නේ.

1967 මැද පෙරදිග යුද්ධයෙන් පසුව එය ඊශ්‍රායලය විසින් අත්පත් කරගැනුණා. ඊශ්‍රායලය එතැන් පටන් තම අගනුවර ලෙස සලකන්නේ ජෙරුසලමයි. නමුත්, ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලැබී තිබුණේ නැහැ. පලස්තීනය සළකන්නේ ජෙරුසලම තම ඉදිරි රාජ්‍යයක අගනුවර බවයි. එම නිසා අමෙරිකාව තව දුරටත් සාම දූතයෙකු නොවන බව, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසන්නේ.

ට්‍රම්ප්ගේ තීරණය දැඩි සේ විවේනය කරමින්. වර්තමානයේ ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ටෙල් අවීච් නුවරයි. එය ජෙරුසලමේ ප්‍රතිස්ථාපනය කිරීමට ද ට්‍රම්ප් තිරණය කර තිබෙනවා. ඒ සඳහා වසර කිහිපයක් ගතවනු ඇති බවයි, වාර්තා වන්නේ.

අන්තර්ජාතික වශයෙන් විවේචනයට ලක් වී ඇත් මේ තීරණය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට මේ සති අන්තයේ දී හදිසි රැස්වීමක් කැඳවීමට ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

Footer Banner b