FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පිලිපීන පොලීසිය පුද්ගලයන් 23 ඝාතනය කරයි

on .

philippine national police pnp pope francis 20150127

පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පොලීසිය විසින් පුද්ගලයින් 32 ඝාතනයකර තිබෙනවා. 

එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.  මැනිලා අගනුවරට උතුරින් පිහිටි බුලඛාන් පළාතේ ඉකුත් අගහරුවාදා පොලීසිය විසින් වැටලීම් සිදු කරනු ලැබුවා. 

 

මිය ගිය අය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වරදකරුවන් බවයි, පොලීසිය කියා සිටියේ.  පිලිපීනයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති රොද්‍රිගෝ ඩුටේටේ ප්‍රතිඥාදී තිබෙනවා.  පිලිපීන ජනාධිපතිවරයා ඉකුත් සතියේ සිදු කළ දැඩි වාග් ප්‍රහාර මගින් පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිරයට යවන බවයි. 

2016 වසරේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව දහස් සංඛ්‍යාත පිරිසක් මෙලෙස ඝාතනයට ලක් වුණා.  පිලිපීන ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියා මාර්ග මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධයටයි, ලක්ව ඇත්තේ.