FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

දකුණු ආසියාවේ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

on .

o-MALAYSIA-facebook

දකුණු ආසියාවේ රටවල් කිහිපයකට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති බවයි, වාර්තා වන්නේ.  පසුගියදා ඇද හැලුණු මෝසම් වර්ෂාවත් සමග නේපාලය, ඉන්දියාව හා බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. 

නේපාලයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව සියයකට අධිකයි.  ගම්මාන සිය ගණනක් ජල ගැලීමට හසුවී විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.  ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශ මෙන්ම, අලි ඇතුන් ද යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.  අයහපත් කාලගුණයෙන් උතුරු ඉන්දියාවට ද බලපෑම් එල්ල වුණා.

  ගංවතුර හා නාය අනතුරුවලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 50කට ආසන්නයි.  බංග්ලාදේශයෙන් ද මරණ රැසක් වාර්තා වුණා.