FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

සූර්යා මතුපටින් මතුවූ දැවැන්ත ලපය

on .

Sun sunspot

සූර්යයා මතුපිට වූ දැවැන්ත ලපයක් නිරීක්ෂණය කිරීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් සමත් වුණා. 

මෙමගින් පෘථිවියට ද යම් බලපෑමක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි, ඔවුන් විශ්වාස කරන්නේ.  සූර්යයාගේ පෘශ්ඨය මත පිහිටන අඳුරු සහගත, එමෙන්ම තරමක් උෂ්ණත්වය අඩු සිසිල් සහිත ස්ථාන සූර්ය ලප ලෙස හඳුන්වනවා. 

සූර්ය ලප ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත්, සූර්යයාගේ ක්‍රියාකාරීත්වය අඩු වන මේ කාලයේ දී එවන් සූර්ය ලප නිරීක්ෂණය වීම කලාතුරකින් සිදුවන්නක් බවයි, විද්‍යාඥයින් පවසන්නේ. 

මේ සූර්ය ලපය සැතැපුම් 70,000කටත් වඩා විශාලයි.  එනම් එය පෘථිවියේ විශාලත්වය මෙන් 19 ගුණයක් පමණ වනවා.