FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අලිවන්ගුවට මංගල සීනු හැඬවුනු දා (WITH VIDEO)

on .

 DSC09063

වයස අවුරුදු 75ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල්නැව, නැගම්පහ, අලිවන්ගුව ගමේදී දැකගත හැකිවුණා.

මෙසේ ජිවිතයේ සැදා සමයේ නීතියෙන් විවාහ වුයේ දරුවන් පස් දෙනකු ගේ මව්පියන් දේපලක් වූ අලිවන්ගුව ගමේ පදිංචි ඩී .ජනා (75)සහ එච් .ඒ .සෝමාවතී (65) දෙන්නා ඇතුළු මේ ගමේ විවහා නොවී එකට ජීවත්වූ අඹුසැමියන් පිරිසකි .

ගල්නැව නැගම්පහ අලිවන්ගුව ගමේ ජිවත්වන පවුල් 30ක ට අයත් ජනතාව පොදු පහසුකම් හෝ දරුවන්ට නිසි  අධ්‍යාපනයක් නොමැතිව මෙන්ම ආහාර හිගයකින් පෙලෙන බවද පසුගියදා මාධ්‍ය මගින් හෙළි කෙරුණා .මේ ගමේ  යාචක පවුල් පදිංචි වී නිර්මාණය වූවක්. යාචක පවුලකින් පැවත එන ශාන්ත කුමාර නමැති අයකු විසින් මේ ගම්මානය නිර්මාණය කරගෙන සිටින බව ද වාර්තා වනවා.

මේ පුවත පිළිබධව නිවාස ඇමති සජිත් පේමදාස මහතාගේ අවධානය යොමුවුණා.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රන්ජිත් ශාන්ත කහවල මහතා මේ ගමට පැමිණ ජනතාව හමුවී විස්තර ලබාගනිමින්  ගමේ ජනතාව සජීවී කරණය කිරීම ආරම්භ කළා .  ඇමතිවරයාගේ උපදෙස් පරිදි සියලු දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පියවර ගැනීම, ගමේ පදිංචි පවුල් 30කට ස්වයං රැකියා වැඩපිළිවලක් ආරම්භ කිරීම ,මෙන්ම විවාහ නොවී එකට සිටින පිරිස් විවාහ කරදීම ,හැදුනුම් පත් උප්පැන් න සහතික ආදී අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීමේ ජංගම සේවා ආදී ක්‍රියාත්මක වුණා , එමෙන්ම මේ සියලු දෙනාට ස්ථිර නිවාසයක් ලබාදීමට ඇමති සජිත් පේමදාස මහතා ගෙන්  උපදෙස් ලැබුණු  බව රංජිත් ශාන්ත කහවල මහතා ප්‍රකාශ කළා.

මේ ජනතාව විදින ජන දුක මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග දෙස් විදෙස් බොහෝ දානපතියන්ගේ ස්වෙච්චා සංවිධාන වල අවධානය යොමුවී ඔවුන්ට විවිධ ආධාර ලබාදුන්නා. එමෙන්ම මහනුවර අංකුබුර ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මේ ගමේ නැවතී සිටිමින් ළමා බාල මහලු අයට අකුරු ලියන්න කියවන්න ඉගැන්වීමට ඉදිරිපත් වී සිටිනවා.

 මේ ගමේ පාසල් යන වයසේ දරුවන් රැසක් සිටියද පාසල් නොයයි. වැඩිහිටියෝද අධ්‍යාපනයක් ලබා නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ මේ ජනතාවට තමන්ගේ නම ලියාගන්නවත් උගන්වන්නට කියන එකයි.

මෙදින විවාහ වූ යුවල ගේ කසාද සහතිකයට ඔවුන් කන අත්සන තබද්දී සාක්කිය සදහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රන්ජිත් ශාන්ත කහවල මහතා අත්සන් තැබුවා.

 

12

 

14

 

15

 

10