FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලන්දේසි තැනු මීගමුව වෙඩි බෙහෙත් ගබඩාවේ සංරක්ෂණය අවසන්

on .

negombo arms sotores 06

මීගමුව බන්ධනාගාර පරිශ‍්‍රය තුළ පිහිටා ඇති ලන්දේසි යුගයට අයත් ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාවේ සංරක්‍ෂණ කටයුතු අවසන් කර තිබේනවා.

මෙහි සංරක්සණය කාර්යන් සිදුකර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්.

 

මෙම වෙඩි බෙහෙත් ගබඩාව මීගමුව කොටුවේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙඩි බෙහෙත් තැන්පත් කර තිබු ස්ථානයයි.  මෙය ඉදිකර ඇත්තේ කොටුවට බටහිර දිශාවෙන් පිහිටි උස් භූමියකයි.

negombo arms sotores 02

ප‍්‍රධාන ප‍්‍රවේශය උතුරු දිශාවට ඇති මෙම ගොඩනැගිල්ල ගඩොල් හා කළු ගල් මිශ‍්‍රනයෙන් නිර්මාණය කර තිබෙනවා. ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම ආරුක්කුමය හැඩයක් ගන්වන අතර, දෙපස ඇති බිත්ති දෙක සඳහා ආධාරක කුළුණු නිර්මාණය කර තිබෙනවා.

negombo arms sotores 03

 

ගොඩනැගිල්ලේ සම්පුර්ණ දිග මීටර් 5.70 ක් වන අතර, සම්පුර්ණ පළල මීටර් 4.60 ක් ද, උස මීටර් 2.95 ක් ද වනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස හා පිටුපස බිත්තියේ සෙන්ටිමීටර් 08 ක් උස සෙන්ටිමීටර් 26 ක් ගැඹුරු කවුළු දෙක බැ`ගින් 04 ක් දක්නට ඇති අතර,උපරි ව්‍යුහය ගල් සිමෙන්ති හා ගඩොල්වලින්  නිමවා තිබෙනවා.

negombo arms sotores

ස්වාභාවික ව්‍යසනයට හසුව ගරා වැටීමෙන් තිබු පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ගබඩාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශාල පිරිවැයක් දරා කෙටි කාලයකින් සංරක්‍ෂණ කටයුතු අවසන් කෙරුණා.  පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස ගැසට් කොට ඇති මෙම ස්ථානය ජනතා අයිතියට පැවරුනේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි .

negombo arms sotores 04