FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

නිදන් හොරු කැඩු බඹරගස්තලාව බුදුපිළිමය සංරක්ෂණයට පියවර

on .

buddhas statue 01

කුමන ජාතික වනෝද්‍යානයේ බඹරගස්තලාව  ප්‍රදේශයේ පිහිටි පොළොන්නරු යුගයට සුවිශාල සැතපෙන බුදුපිළිමය නිදන් හොරුන් විසින් විනාශ කර ඇති අනාවරණය වුවා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම බුදුපිළිමය සහ ඒ ආශ්‍රිත පුරාවිද්‍යාත්මක සාධක සංරක්ෂණය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ උපදෙස් මතයි.

buddhas statue 04

 

 මෙම බුදුපිළිමය උසින් අඩි 07ක් හා දිගින් අඩි 33ක් පමණ වන අතර, ගඩොල් සහ හුණු බදාමයෙන් නිමකරන ලද්දක්. නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවු මෙම සුවිශේෂී නිර්මා‍ණය සංරක්ෂණයට රසායන සංරක්ෂණවේදී ජයන්ත සමරසිංහ මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්  සිදුකිරිමට ඉදිරිපත් වී තිබෙනවා. ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැයකරන්නට මෙවැනි ‍පුද්ගලික මට්ටමේ විශේෂ මැදිහත්වීම් කෘතවේදීව අගය කළ යුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.

buddhas statue 03

මධ්‍යම සංස්කෘතික අරමුදල් ප්‍රතිපාදන යටතේ අධීක්ෂණය ඇතිව මෙම බුදුපිළිමය සහ ඒ ආශ්‍රිත පුරා විද්‍යාත්මක සාධක සංරක්ෂණ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.

buddhas statue 05

 

 

 

Footer Banner b