FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කථානායක උස්සපු ලංකාවේ මන්ත්‍රිවරු

on .

sl parlaiment suspend mp dinesh 2017-03-09

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සකස් කර අප වෙත එවන ලද වාර්තාවක්.

1952 හෝ ආසන්න අවස්ථාවක වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් පිටකලේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි.

 1956 ට පෙර වරක් ගාල්ලේ ඩබ්ලිව්. දහානායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථා නායකට සිදු වූනා යැයි මතකයක් ඇත.  පිලිප් ගුණවර්ධන සහ එඩ්මන් සමරක්කොඩි (සහ තවත් අයෙකු නම දන්නවා නම් කියන්න) ට කථානායක දුන් නියෝගයට විරෝධය පළ කිරීම නිසා 1960 ජූලී ආණ්ඩුවේ දී රොබට් ගුණවර්ධන ද පාර්ලිමේන්තුවෙන් පිටතට ගියේ පොලීසියේ, වේත්‍රධාරිගේ කර පිටිනි. සත්‍ය වශයෙන්ම පොලීසියෙන් කරපිටින් යන්නට වූ අය අතර සුන්දරම කථාව රෝබට් ය.

1955 අප්‍රේල් 5 මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි දෙදහස් පන්සීය සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ කථා කරන අතර ඔහුට කථානායක වාඩිවන්නට නියෝග කළේය. ඔහු එයට එරෙහිව පවත්වාගෙන ගිය අතර ඔහු ඉවත් කළේය.  (මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද නඩුවකින් අවසන් විය.) කලවාන අතුරු මැතිවරණ අවුලේ දී සරත් මුත්තෙට්ටුවෙගම හා අබේරත්න පිලපිටිය දෙදෙනා ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරිණි.

[1964 දී වැලිමඩ ජාතික විමුක්ති පෙරමුණ මන්ත්‍රී කේ.එම්.පී.රාජරත්න ද පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන ගිය කථාවක මතකයක් ඇත.  දන්නා අයෙකු කියන්න] 

1980 දී සරත් මුත්තෙට්ටුගම පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේය.  අවසාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ පුද්ගලයා සරත් සහෝදරයා ය.

 දිනේෂ් ගුණවර්ධන මෙම ලැයිස්තුවට අද අලුතෙන්ම එකතු විය.