FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ජපානයේ දෙවන විශාල භූමිකම්පනයෙන් නිසලවූ මොතෝ මාලිගය යළි නැගිටින්නේ වසර දෙකකින් (with Pictures)

on .

kumo thomo

ජපාන ඉතිහාසයේ මෑත භාගයේ සිදුවු විශාලතම  දෙවන භූමි කම්පාවට ගොදුරු වු කටෝ කියෝමාෂා අධිරාජ්‍යයාගේ කුමෝ මොතෝ මාළිගාව හා ඊට කිලෝමිටර් 6 ක් පමණදුරින් පිහිටි මෂිකි  නගරයේ ගොඩනැගිලි බොහොමයක් තවමත් පිලිසකර කරමින් පවතිනවා.

2016 වසරේ අප්‍රේල් මස 14 සහ 16 දිනයන්හි ඇති වු මෙම භූමිකම්පාව නිසා මාළිගාවට ඇතුල් විම සංචාරකයන් අවසර නොමැති අතර  මාළිගාව පුනරුත්තාපනය කිරිමෙන් පසු සංචාකරයන්ට නැවත අවකාශ ලබාදිමට තිරණය කර තිබෙනවා.

කුමෝමොතෝ  මාළිගාව වටාවු ආරක්ෂිත බැම්ම වාර්ග මී‍ටර් 79000 ක් .ඉන් සියයට 30 ක් මුථමනින්ම විනාශවි ඇති අතර තවත් සියයට 10 ක්  පිළිසකර කලහැකි මට්ටමට විනාශවී ඇති බවට වාර්තා වනවා.

ජපානයේ  ඇති ප්‍රධාන පෙළේ මාළිගා තුන අතරින් එකක් වන  මෙම මාලිගය විශ්මිත  නිමැවුම වසර 110 ක ඉතිහාසක් ඇති ජපානයේ  අභිමානය දනවන පුරාවිද්‍යාත්මක සංස්කෘතික උරුමයක්.

01

මෙය ඉදිකිරිමට අවුරුදු 7 ක් ගතවි තිබෙනවා .මෙහි වපසරිය වර්ග මිටර් 98000 ක් .

සෙකි ගහරා යුද්ධයෙන් පසු 1607 දි කටෝ කියාමාෂා ඉදිකල මෙම මාළිගාව තට්ටු 6කින් යුතු අතර   ඉන් එකක් පවතින්නේ භූගතව.

03

සංචාරක ආරක්ෂණය  දිනාගත්  මෙම මාළිගාව නැරඹිමට දැන් අවසර නැත්ත  ඒ අවට ට ගොස් විනාශයදැක් බලාගැනිමට අවකාශ සලසා තිබෙනවා.

මාළිගාව පිළිසකර කර සංචාරකයන් සදහා විවෘත කිරිමට තවත් වසර 2ක් පමණ  ගත වෙන බවත්  සියලු ප්‍රතිසංස්කරණ නිමකිරිමට වසර 20 ක් පමන ගත වන බවත් එම ප්‍රතිසංස්කරන භාරව කටයුතු කරන ඹෂිමෝ ශීකෝ මත්තනෝ කායි  නමැති ස්වේජා  සංවිධානය පවසන්නේ.05

තිබු තත්වයටම මෙය පුනරුත්තාපනය කිරිමේ පසු ජාතික අනුස් මරණ උද්‍යානයක් හා නගරයේ ඉතිහාසය දනවන ස්ථානයක් බවට මෙය පත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

 

මේ අතර මෙම භූමි කම්පාව ආරම්බවු ස්ථානය ලෙස සැලකෙන මෂිකි  නගරයේ  ගොඩනැගිලි රාශියක් තවත් පිළිසකර නැති අතර තවත් සිය ගණනක් පිළිසකර කරමින් පවතිනවා.

06

කියුෂු දූපතතේ පිහිටි කුමෝ මෝතෝ ඇතුලු ප්‍රදේශ නිවාස හා ගොඩනැගිලි 14000 ක් විනාශවුණා.   ශ්‍රීලංකික පවුල් 100 ක් පමණ ද  මේ ආපදාවට  ගොදුරුවුණා.

එම අත්දැකීමට මුහුණ දුන් ශ්‍රීලංකිකයන්  ඡනිත් මිහිඡය වික්‍රමසිංහ මහතා සිද්ධිය විස්තර කලේ මෙසේයි

මම මෙහේ හෝටයලක් කරනවා . පලවැනි දවසේ උනේ අප්‍රේල් 14 උනේ ලංකාවේ සිංහල අවුරුද්ද දවසේ ඒ වේලාවේ කස්ටමස්ලාත් මෙතැන  දහයක් පහලවක් විතර ඇව්ල්ලා හිටියා අපි ලංකාවේ විදිහට කැවුම්  එහෙම කස්ටමස්ලාට දීලා  හිටියේ . රාත්‍රී 9-20 තමයි භුමිකමිපාව උනේ ඒ වේලාවෙත් කස්ටමස්ලා සෑහෙන්න බය උනා මේස යටට ගිහිල්ලා පිගං කෝපප්  වැටිලා බෝට්ටුවේ  යනවා වගේ ගොඩක් හෙල්ලුනා .07

වීදුරු වැටුනා  ඇවිල්ලා හිටය කස්ටමස්ලාගේ ඇගට වැටුනා .බෝතල්  එහෙමත් වැටුනා .ගොඩක් අලාභානි උනා ඉට පස්සේ පළවැනි භුමිකමිපාව ආපු වේලාවේ ඊට පස්සේ අපි අස් කලා අස් කරලා පහුවදා ඇවිල්ලා හෝටල ය විවෘත  කරන්න යනකොට 16 වැනිදා ආපහු අවා.

  ඒක නිසා ඒකෙන් ගොඩක් අලාභානි උනා අනිත් පිගන් කෝප්ප  කැඩුනා රෙස්ටුරන්ට් එකට ගොඩක් අලභානි උණා. ඊට පස්සේ තව සති තුනක් විතර රෙස්ටුරන්ට් එක  වහලා තිබුණා මේකේ වැඩ කරගන්න බැරිව වතුරත් නැතිව තිබුනා අපිට පවා ගෙවල්වල වතුර නැතිව තිබුණා පොඩි අය ඉන්නවා පොඩි අයටත් සැහෙන්න ප්‍රශ්ණ උනා ඒ නිසා ඡපන් අයටත් අපිට වගේම සැහෙන්න ප්‍රශ්ණ උනා කන්න බොන්න මොකුත් නැතිව ගියා. 10