FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වෙඩි වැදී මිය ගිය ඇතින්නට පැන් වැඩූ මිනිසුන්

on .

elephant death

තණමල්විල, ලුණුගම්වෙහෙර රක්ෂිතයේ කුඹුක්ආර ප්‍රදේශයේ ජිවත් වූ ඇතින්නකට වෙඩි වැදීමෙන් පසුපස වම් පාදයේ ප්‍රගන්ධ අස්තිය කැඩී වෙන් වී තිබුණා.

ඉතා අපහසුවෙන් ඇවිදිමින් සිටි මේ ඇතින්නට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර සිදුකළා.

එහෙත්, අවාසනාවන්ත ලෙස  ජීවිතයට සමුදෙමින් මේ ඇතින්න ඊයේ සවස මිය ගියා.   පසුව එම ප්‍රෙදේශයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් එක්ව ස්වාමීන් වහන්සේ නමක් එම කැළයට වැඩමකරවා පාංශුකූලය ලබා දී පැන්වැඩීම සිදුකළා. 

මිනිසාට මෙන්ම වන සතුන්ට ද ජීවත්වීමේ අයිතිය ඇතත් යම් යම් ක්‍රියා නිසා මේ සතුන් මිය යාම ඉතා ඛේදජනක සිදුවීමක්.