FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වන්නියලැත්තන්, ප්‍රථම වරට තිරයට මහ වනයේ සිට

on .

272-wannila-aththo-who-got-assaulted-was-hospitalized1689333426

ආදිවාසී ජනතාව ලොව රටවල් රැසක තවමත් මහා සමාජයෙන් වියුක්තව ජීවත්වෙනවා. ශ්‍රී ලංකාවේද ආදිවාසී ජනතාව ප්‍රදේශ කිහිපයක් වාසය කරන අතර, ඔවුන් "වැද්දා" යන නාමයෙන් හදුන්වනු ලබනවා.

මෙම ජන කොටස පුරාණ ශ්‍රීලංකාවේ ජනවර්ගයක් ලෙසයි සැලකෙන්නේ. ඒ ඔස්සේ තොරතුරු සොයාගිය වැඩසටහනක් සෙනසුරාදා (18) ජාතික රූපවාහිනයේ ශනිදා ආයුබෝවන් වැඩසටහන ඔස්සේ උදේ 9.00සිට විකාශය වනවා. 

රූපවාහිනී ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී නායකයා තමන්ට උරුම වූ වනාන්තරයේ සිටයි මෙම වැඩසටහනට දායක්ත්වය ලබා දී ඇත්තේ. වැදි ගායන හා නර්තන යන අංගවලින් විචිත්‍රවත්වී ඇති "ශනිදා ආයුබෝවන්" වැඩසටහන නවමු අත්දැකීමක් ගෙන එනවා.