FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

රූපවාහිනී සංස්ථාවට වසර 35ක් පිරීම නිමිත්තෙන් "සරාසදේ" සංගීත ප්‍රසංගය නෙළුම් පොකුණේදී

on .

 sarasade 2017 02 16

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට වසර 35ක් පිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.   "සරාසදේ" සංගීත ප්‍රසංගය එහි සුවිශේෂ අංගයක්.  ප්‍රසංගය පැවැත්වෙන්නේ, හෙට සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී. 

මෙරට සිනමා සංගීත කේෂ්ත්‍රයට සදානුස්මරණීය ගීත රැසක් තිළිණ කළ ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායක  මහතාගේ නිර්මාණ ප්‍රසංගයට ඇතුළත්.  එදා මෙදා තුර මෙරට සංගීත ලෝලීන් ආදරයෙන් වැළදගත් සිනමා සහ ගුවන් විදුලි ගීත වීම විශේෂත්වයක්. 

ප්‍රවීණ ගායන ශිල්පීන් පිරිසක් ප්‍රසංගයට එක්වනවා. 

සංගීතය මෙහෙයවනු ලබන්නේ, ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියැද්දේ විසින්.  දැනට ප්‍රවේශ පත්‍ර ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි.  ටිකට්ස් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් සහ රූපවාහිනී රූ Entertainment  වෙතින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි, සංවිධායක මණ්ඩලය පවසන්නේ.

Footer Banner b