FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වැලිමඩ එළවලු ගොවියන් අස්වනු අලෙවි නොකර ගොවි බිම් තුළම විනාශවීමට ඉඩ හරී

on .

Gowa-Wagawaවිශේෂයෙන්ම මෙම කන්නයේදී මේ වන විට විශාල ලෙස වගා කර තිබෙන ගෝවා, තක්කාලි සහ කැරට් වගාවන් සදහා මේ වන විට නිසි මිලක් නොමතිවීම නිසා එම වගාවන් මෙසේ තම ගොවි බිම් තුළම විනාශවීමට මෙම ගොවීන් ඉඩහැර තිබේ.

මෙම ප‍්‍රදේශයේ මේ වන විට ගෝවා කිලෝවක මිල රුපියල් පහ දක්වාද , තක්කාලි කිලෝවක මිල රුපියල් පහලොව දක්වාද ,කැරට් නිලෝවක මිල රුපියල් පහෙලොවත් විස්සත් අතර දක්වාද පහත වැටීම නිසා ප‍්‍රදේශයේ ගොවි ජනතාව මෙම තත්වයට පත්වී ඇත.

විශාල වියදමක් වැය කර ගොවි ජනතාව එළවලූ වගාව සිදු කර ඇතත් මේ වන විට මෙම එළවලූවල මිල ඉතාමත්ම පහත වැටීම නිසා මෙම අස්වනු මෙම මුදලට අලවි කිරීමෙන් වැය කළ මුදලවත් සොයා ගැනීමට නොහැකි බවත් මෙම අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව වෙළදපලට රැුගෙනයාම සදහා තවත් විශාල මුදලක් වැය කිරීමට සිදු වන බැවින් මෙම මුදලට අස්වනු අලවිකර කිසිදු ලාභයක් ලබා ගැනීමට නොහැකි බැවින් මෙම එළවලූ තම ගොවිබිම් තුළම විනාශවීමට ඉඩහැර ඇති බවත් ගොවි ජනතාව කියති.

මෙම තත්වය මත මේ වන විට වැලිමඩ ප‍්‍රදේශයේ ගොවි ජනතාව ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වෙමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර තම ගොවි නිෂ්පාදන සදහා නිසි මිලක් ලබාදීමට කටයුතු කරන්නයි මෙම ගොවීහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Footer Banner b