FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පුරාවිද්‍යා අවධානයෙන් ගිලිහිනු ඩොරික් බංගලාව (with pictures)

on .

BNGLO2මන්නාරම අරිප්පු මුහුදු තීරයේ දර්ශනීය ස්ථානයක පිහිටි ඩොරික් බංගලාව නිසි අවධානයකට ලක්නොවීම නිසා විනාශවී යාමේ තර්ජනයකට ලක්වෙමින් පවතී.මෙය 1940 පුරාවිද්‍යා ආඥාපනතට අනුව ප්‍රකාශිත ස්මාරකයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වු පෙඩ්රික් නෝර්ත් විසින් (Fedric North) වර්ෂ 1804දී මෙම සුවිශේෂි ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර එවකට මන්නාරම මුහුදු තීරයේ සිලාවතුර , කොණ්ඩච්චි හා අරිප්පු යන ප්‍රදේශ මුතුබෙල්ලන් ව්‍යාපාරය සදහා ඉහල ප්‍රසිද්ධියක් හා ඉහල ආදායමක් ලැබූ අතර එම කටයුතු නිරීක්ෂනය කිරිම සදහා පෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා පැමිනි අවස්ථාවලදී ඔහුට නවාතැන් ගැනීම සදහා මෙම සුවිශේෂි බංගලාව ඉදිකර තිබේ.ඩොරික් යන්නෙහි තේරුම නම් ග්‍රීක භාෂාවට අනුව ශක්තිමත් යන්නයි.

ග්‍රීක ගෘහනිර්මාන ශිල්පයට අනුව ඉදිකරඇති මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වූ අතර මහමුහුදට මුහුනලා කුඩා කදුගැටයක ඉදිකර තිබේ.අධික ලවන ඛාදනය හේතුවෙන් මෙම වටිනා ගොඩනැගිලලේ ඉහල මහල ඇතුලු ආලින්ද කොටස මේවනවිට සම්පූර්නයෙන්ම විනාශවී ගොස් ඇති අතර කොටස් කිහිපයක් පමනක් මේවනවිට ඉතිරිව දක්නට තිබේ.

BNGLO-1
මුහුදු ඛාදනය වළකා පුරාවිද්‍යා වටිනාකමින් යුතු මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කිරීම සදහා අධික පිරිවැයක් දරා මීට වසර එකහමාරකට පමනපෙර වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ශක්තිමත් කලුගල් අතුරා දියකඩනයක් ඉදිකර ඇතත් ඉතිරිව ඇති ගොඩනැගිල්ලේ කොටස් ආරක්ෂා කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගැනීම පුරාවිද්‍යාවට අදරය කරන්නවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

සම්පූර්නයෙන්ම විශේෂිත ගඩොල් හා සුදුපැහැති බදාමයකින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල අදවන විට කඩා වැටීමේ අවදානම් තත්වයක පවතින අතර ඉතිරිව ඇති ගොඩනැගිල්ල සංරක්ෂනය කර අනාගත පරපුරට දැකබලාගැනීම සදහා කටයුතු කරන ලෙස පුරාවිද්‍යාවට ආදරය කරන පිරිස් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

BNGLO3

BNGLO4

 

 

Footer Banner b