FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වසර 114 ක දිර්ඝායුෂ විදින පින්බර හිමි නමක්

on .

DSC04423

ජීවන ගමනේ 114 වන වියට පියනැගුවද තවමත් නිරෝගීව තම සියලු කටයුතු තමා විසින්ම සිදුකර ගනිමින් විවිධ සහන පතා පැමිණෙන  සැමටම සහනයක් සලසන සුපේෂල ශික්ෂාකාමී  හිමිනමකි බෝගස්කන්ද  ශ්‍රි සුමේධාලංකාර හිමියෝ.

බදුල්ල උඩුවර  7 කනුවෙන් හැරී,  තේ වත්ත මැදින් විහිදෙන මාර්ගයේ කි.මී. 3ක් පමන පාගමනින්ම දුෂ්කර මාර්ගයක ගමන්කළ පසු උන්වහන්සේගේ  යෝගාශ්‍රමය හමුවෙයි .

තැනක ගිරවුන්ය .තවත් තැන රිලවුන්ය .දඩුලේනුන්ය උන් ඒ මේ අත පනිමින් සිටියහ .

මේ සතුන් මම ගෙනැත් ඇති කර  රැක බලා ගන්නවා . යැයි හිමයෝ පවසද්දි , ඔව් ඔව් රැක බලාගන්නවා . ගිරවෙක් කූඩුවේ සිට ගිරා බසින් කියද්දි අපටද අදහා ගත නොහැකිවිය

පුතා කෑම කෑවද  හිමියෝ ඇසූහ . ඒ ගිරවා ගෙනි ඔව් ඔව් කෑම කෑවා ගිරවා කීවේය . කුටිය තුලට යන එන සුරතල් සතුන් ගේ හඩ  මුලු  දවස පුරා  ඇසෙන බව උන් වහන්සේ පැවසු හ ..

ගිහි ඡිවිතයෙදි වරෙක  අපරාධ කරුවන් ලුහු බදිමින් පොලිස් බුද්ධි අංශයේ නිළධාරියෙකු වු  ඔහු තවත් වරෙක ගීත නිබන්ධකයෙකු ලෙසත්  , සංගීත වේදියෙකු ලෙසත් නලුවෙක්  ලෙසත්  දස්කම් දැක්වු බව උන් වහන්සේ අනාවරණය කලේ අප හා සාමීචියට එක්වෙමිනි.

අවුරුදු  22 දි මම කොස්තාපල්  කෙනෙක් විදිහට රුපියල්  15 වේ වැටුපට පොලිසිය බැදී  පොලිස් බුද්ධි අංශයේ සේවය කරමින් දිවයිනේ ප්‍රධාන පෙලේ අපරාධකරුවන් අල්ලා ගැනිමට සහායවු බවත් යන්නෙන් අප හා සිය මතක අවදි කළහ. 

සසර කළ කිරුනේ වලව්වක උපන් තමාගේ මවගේ අභිරහස් ඝාතනයේ සැබෑතතු හෙලිවි සිත කළ කිරිමෙන් බවත් උන් වහන්සේ පැවසුහ.

ගීත රචනා සහ සංගිත අංශයන්ගෙන්  ඉන්දියාවට ගිහින් ශාන්ති නිකේතනයේ සංගිතය හැදෑරුවා. භාරත නැටුම් ඉ‍ගෙන ගත්තා .මලයාල, තෙලිගු වැනි භාෂා කතා කරන්නත් හුරු උනා. ලංකාවට අවාට පස්සේ මකුලොලුව මහත්තයා යටතේ කලා අංශයේ වැඩ කලා . සිරිසේන විමලවීර මහත්තයාත් එක්ක වැඩ කලා .

සුර්ය්‍ය සංකර් මොල්ලිගොඩ කියන ගායකයා එක්කත් වැඩ කලා . එහෙම ඉන්නකොට තමයි ශාන්ති කුමාර් අයියාගේ ජීවන  සටහන වාග් චිත්‍රපටිවලටත් විමලවීර  මහත්තයාගේ ගොඩක් චිත්‍රපටි වලටත් සින්දු පුහුණු කරන්න කටයුතු කලේ .සමහර  සින්දු මම  ලියලා දුන්නා සමහර සිංදු වල ස්වර දාන්න උදවු කලා .සීදේවී ,අමිමා, ගම්බද  සුන්දරී , පොඩි පුතා , පිටිසර කෙල්ල යන චිත්‍රපට මම උදවු කරපු  චිත්‍රපට කීපයක් .

 සිරකරුවා චිත්‍රපටියේ  පොලිස් පරික්ෂක  විදිහට රඟපෑවා. යමුනාරානි , ඒ. එම්. රාඡා යන ගායකයන්ට සිංහල සිංදු උච්චාරණය කරන හැටි පුරුදු කලේ මම.

සුනීතා  චිත්‍රපටියට විල්බට් සිල්වා ගැයූ ගීතයේ  වචන ටිකක් ලියලා දෙන්න කියලා කිව්වා

එතකෙට  සී.ටී. අයියත්  හිටියා. අපි දෙන්නා එකතුවෙලා “මේ සසරේ හි සැමදා දුකමයි “යන පදවැල් ලිවුවේ සිතුල් පවුවේ ගල උඩ ඉදගෙන . යැයිද  උන්වහනසේ පැවසූහ .

අදටත් නිරෝගීව වැඩවසන උන්වහන්සේට අපි දිර්ඝායු පතමු  

 පිටපත- පාලිත ආරියවංශ - රූපවාහිනි බදුල්ල වාර්තාකරු

Footer Banner b