FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය දිරිය දියණිය සන්නාම තානාපති ධූරයෙන් පිදුම් ලබයි.

on .

jayanthi johann

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එවරස්ට් කන්ද තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල අද කාන්තා අයිතීන් සුරැකීම් පිළිබඳ සන්නාම තානාපති ධූරයෙන් පිදුම් ලැබුවා.

ඒ කාන්තා හා ළමා කටයුතු අමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියග් ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. එහිදී අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආත්ම ශක්තිය ඇත්නම් කාන්තාභාවය බාධාවක් නොවන බවයි.

ඇය මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදදේ මෙම වසරේ මැයි මස 21 වන දින උදෑසන 5ට පමණ අඩි 29,029ක් පමණ උසින් වූ එවරස්ට් කඳු මුදුන කරා ලඟා වෙමින්ය. මේ සඳහා ඇයට සහය දැක්වූයේ ඇයගේ සහයකයා වූ යොහාන් පීරිස් විසිනි.