FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වසර 6350ක් පැරණි මානව ගෙල පළඳනාවක් හමුවෙයි

on .

Balangoda-Culture

වසර 6350 කට පෙර බලංගොඩ මානවයින්ගේ ඥාතීන් භාවිත  කළ බවට සැක කෙරෙන ආයුධ තොගයක් බලංගොඩ, ඉලුක්කුඹුර මැද්දෙකන්ද තලුගල් ලෙනෙහි සිදුකළ කැනීම්වලදී හමුවී තිබෙනවා.

එදා දඩයක්කාර මානව ප්‍රජාව පැළඳ සිටි පෙන්ඩනයක් (ගෙල පළඳනාවක්) හා සත්ව ඇටකටු වලින් නිර්මාණයකරන ලද මූර්තියක් භාණ්ඩයක් ද, ගල් ආයුධ, වලං කැබලි, පබළු, පිලිස්සී ගිය ධාන්‍ය වර්ග වල කොටස් හා විශේෂිත වු ගල් පිහියක් ද ඇතුළුව භාණ්ඩ රැසක් හමුවී තිබේ.

මෙම කැනීම් කටයුතු කරනු ලබන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍ය පශ්චාත් අධ්‍යන අංශයේ  ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා අතුළු කණ්ඩායමක් විසිනි.