FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලෝක පියවරුන්ගේ දිනය අදයි

on .

Image-2018-06-17.jpg fa 2

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

1910 වසරේදී ඇමෙරිකාවෙන් ආරම්භ වූ ලෝක පියවරුන්ගේ දිනය ලොව පුරා රටවල් රැසක් සැම වසරක ම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයේ සමරනු ලබති.

 

වසරේ එක දිනකට පමණක් පියවරුන් සැමරීම සඳහා මෙම දිනය වෙන්කර තිබීමද වර්තමානයේ පියවරුන් වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් වී ඇතැයි වැඩිහිටි නිවාස වල දිවිගෙවන පියවරුන් පවසති.

ලෝක පියවරුන්ගේ දිනය බොහෝ රටවල් සැමරුවද මෙරට එතරම් කතාබහට ලක් නොවන අතර ලෝක මව්වරුන්ගේ දිනය ඉහළින් සැමරීමට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකියාව තිබේ.

ලෝක පියවරුන්ගේ දිනය සමරන දා දඹුල්ල වැඩිහිටි නිවාසේ දිවිගෙවන පියවරුන් සොයා අප එහි ගියෙමු. දරුවන් රැසක් මෙලොවට බිහි කොට අධ්‍යාපනය ලබා දී උසස් රැකියාවන්හි නිරතව තමන් හරිහම්බ කරගත් ගේ දොර වතු පිටි සියල්ල දරුවන්ට ලබා දී එහි බොහෝ පියවරුන් මෙහි දිවි ගෙවති.

මෙහි සිටින පියවරුන් සියලු දෙනාටම එකම දරුවා බවට වර්තමානයේ පත්ව ඇත්තේ වැඩිහිටි නිවාසයේ පාලිකාව පමණි. ඇය සියලුම පියවරුන් සමඟ සතුටෙන් සිනහවෙන් කාලය ගත කිරීම ඔවුන්ට ලැබුණු එකම සතුට බව ඔවුහු කියති.

Image-2018-06-17.jpg  fa 1

එමෙන්ම එහි සිටින බොහෝ පියවරුන් අප සමග කියා සිටියේ තමන්ගේ බිරිඳ මිය යෑමෙන් පසුව දරුවන් නොසලකා හැරි බව ඇතැම් පියවරුන් කියා සිටියේ තම දරුවන් තමන්ට බැණ වැදීම පහරදීම ආදී සිදුකරන නිසා දරුවන්ට පව් පිරෙන හේතුවෙන් වැඩිහිටි නිවාසයකට පැමිණි බවය. තවමත් දරුවන් පිළිබඳව දෑස් වල කඳුළින් තෙත් බරව ඔවුහු අප සමග කථා කළහ.

කළුගඟ ප්‍රදේශයේ පියෙකු අප එහි ගිය අවස්ථාවේදී හැකිනම් ගමේ දානපතියකු සිටින බවත් ඔහුට ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මුතුබණ්ඩා මහතාට අප දුරකතනයෙන් එම පිය සම්බන්ධ කර දීමට කටයුතු කළේය. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වන ඔහු දරුවන් නොසැලකීම නිසා එම ව්‍යාපාරිකයා විසින් මෙම පියා වැඩිහිටි නිවාසය ගෙනවිත් දැමූ බව ඔහු කීවේය

එම පියා දුරකථනය හරහා කියා සිටියේ තමන්ට ගමේ විහාරස්ථානය බැලීමට අවශ්‍ය බවත් තමන් ගමේ ස්ථාපිත කර ඇති මරණාධාර සමිතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉතා සංවේදීව සඳහන් කළේය.

පිය සෙනෙහස අහිමි වූ දරුවන් කොතෙක් සිටීද එහෙත් පිය සෙනෙහසට නිගරුකරන දරුවන් මෙරට කොතෙක් සිටියද මේ ඔබේ අපේ අද දවස පෝෂණය කළ අහිංසක පියවරුන් නොවේද

විශේෂාංග පුවත්

Footer Banner b