FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යූරෝ ෆෝ ආවට මිලේ වෙනසක් නැහැ

on .

petrol-vs-diesel.jpg  euro 04

යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළෙඳ පොළට හඳුන්වා දීමෙන් පසු ඔක්ටේන් 92 පෙට්‍රල් හෝ ලංකා ඔටෝ ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් නොවන බවත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසනවා.

 යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළෙඳ පොළට හඳුන්වා දීම ලබන මස සිදුකෙරෙනවා.

අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කරන්නේ ලබන මාසයේ සිට හඳුන්වා දීමට අපේක්ෂිත යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල්වල ද මිල වැඩිවීමක් සිදු නොවන බවයි. දැනට භාවිත කරන ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ ලංකා සුපර් ඩීසල්වල මිල ගණන් යටතේම යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යුරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල් පාරිභෝගිකයාට ලබා දෙන බව ද උපාලි මාරසිංහ මහතා පවසනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා “යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එම ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේ දී කටයුතු කරනවා. එහි දී අපි මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් ඔක්ටේන් 95 පෙට්‍ට්‍රල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. එම ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් ලෙසින්. ඒ සමඟම අපි දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළෙඳ පොළෙන් ඉවත් වෙනවා.

කෙසේ නමුත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළෙඳ පොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළෙඳ පොළොන් ඉවත් වන්නේ නැහැ. නමුත් ඉහළ ප්‍රමියෙන් යුත් ඉන්ධන නිතරම භාවිත කරන ලෙස අපි පාරිභෝගිකයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා“ යැයි ඔහු කියා සිටියා.

එයින් තමාගේ වාහනවලටත් පරිසරයටත් සුබදායී තත්ත්වයක් උදා කර දෙන්න පුළුවන් යැයි ද අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියා.

විශේෂාංග පුවත්

Footer Banner b