FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

හැටන් කෝරාගේ මරණයට හේතුව පිළිකාවක් (with pictures)

on .

21

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03 වැඩි කාලයක් රාජකාරි කල කොරා සුනඛයා පිලිකාවක් හේතුවෙන් මිය ගොස් ඇති බව පශ්චාද් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබෙනවා. 

කොරා සුනඛයාගේ පශ්චාද් මරණ පරික්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලැබුවා.

කොරා සුනඛයා මිය ගොස් ඇත්තේ මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවකට සහභාගිව සිටිය දි පසුගිය 29 වෙනිදායි.

31

හැටන් පොලිස් කොට්ඨාශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහ ශ්‍රිපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ වන්දනාකරුවන් රැසක් නිතියේ රැහැනට කොටු කර ගැනිමට කොරා සුනඛයා සමත් වුවා.

කොරා සුනඛයාගේ අවසන් කටයුතු හැටන් පොලිස් නිලධාරින්ගේ ගෞරවය මැද්දේ හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි දසනායක යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ආගමික වතාවන් පවත්වා හැටන් පොලිසියේදි සිදු කෙරිණා.

බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර, මඩකලපුව, බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කරනු ලැබුවා.

කොරා සුනඛයා අවසන් වරට හැටන් ප්‍රදේශයේ වෙලදසැලක් බිදිමට උත්සහ කල සැකකරු හදුනා ගැනිම සදහා රාජකාරි කල අවස්ථාව රූපවාහිනි ප්‍ර දේශිය වර්තාකරු රංජිත් රාජපක්ෂගේ කැමරාවේ සටහන්ව තිබුනා.

Image-2018-05-31.jpg kora pic

 

KORA 10

විශේෂාංග පුවත්

Footer Banner b