FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

රාජකීය විවාහය - මාධ්‍යවේදීන් අතරට එක්වු ශ්‍රී ලංකාවේ මාධ්‍යවෙ

on .

download.jpg dddd

( rupavahininews.lk ) - එංගලන්ත රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරියගේ රාජකීය විවාහොත්සවය ආවරණය කිරීමට අවසර හිමිවන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික මාධ්‍ය වේදිනියකටත් අවස්ථාව උදාවි තිබෙනවා.  රාජකීය විවහා මංගල්‍ය මැයි මස 19 වනදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහයට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක්විම විශේෂ වනවා. එවැනි මාධ්‍ය උණුසුමක් පවතින අවස්ථාවක මෙම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක් අවසර ලැබී තිබිමත් විශෙෂ වනවා.

images.jpgddd45 fff

ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන ඈන් මරී මැදිවක ය. ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලැබා තිබෙනවා.

images.jpgddddd

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් තිබෙනවා.අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් ඇය වෘත්තීය ජීවිතය සාර්ථක කර කර ගැනීම විශේෂ වනවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීම කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මරී මැදිවකට පැවරීමට ප්‍රධාන හේතුව, ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරයි.

download.jpg  dddff

ඩැරිල් කොනන්බෙල්ට් නැමැති මාධ්‍යවේදියා සමගින් ඇය විවාහ වී සිටින අතර ඔවුන් ට තුන් නිවුන් දරුවන් සිටින බව සදහන් වනවා. ඇනබෙල් අබේසිංහ, මැක්සිම් බණ්ඩාර සහ ලිබි අබේසිංහ වන එම දරුවන් තිදෙනා උපත ලබා ඇත්තේ 2007වසරේ ජූනි මස 14 වැනිදායි.

 

විශේෂාංග පුවත්

Footer Banner b