FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලෝකය ජීවය දෙන දිය බිඳක් වෙනුවෙන් දිනයක්

on .

water dar

ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා. සොබාදහමේ පදනම ජලයයි මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. ලෝක ජල දිනය නිමිත්තෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට හා නව ජල සම්පාදනය ක්‍රම ආරම්භ කර එමගින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වශයෙන් ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අනාගත පරපුර මෙන්ම සියලු ජනතාවගේ ජලයේ අයිතිය සුරක්ෂා කිරීමත්, ජලය සුරක්ෂිත කිරීමත් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථයයි.

20142F032F222F182Findiawater.21d7a

ජලය මිනිසාගේ ජීවය ලෙස අතීතයේ සිට සැලකිල්ලට ගනු ලැබූ අතර වර්තමානයේ දී ජලයේ වැදගත්කම ලොව පුරා ජනතාව අත්විදිමින් සිටිනවා. අනාගත මානව පැවැත්ම කෙරෙහි ජල කළමනාකරණය වැදගත්ම කාර්යයක් ලෙස සැලකිල්ලට ගැනීමේ ප්‍රවණාතව ජනතාව අතර වඩා වේගවත් වී ඇති බවයි, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ.

maxresdefault

කෘෂි කාර්මික කේෂ්ත්‍රය තුළ ජල කළමනාකරණයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. ලෝක ජල දිනය සමරන අද දින ජලයේ අවශ්‍යතාව මෙන්ම එය සුරැකීමේ වගකීම මතකයෙහි රඳවා ගැනීම සෑම පුරවැසියෙකුගේම අධිෂ්ඨානය විය යුතු බවයි, රජය පවසන්නේ.

 

විශේෂාංග පුවත්

Footer Banner b