FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

සීගිරියේ යටගියාව පිළිබඳව විශේෂ අනාවරණය

on .

sinha muna.jpggggggggggggggggggty

මධ්‍යම සංස්කෘතික අරමුදල 2017 වසරේ සීගිරියේ සිදු කරන ලද කැණීම් වලින් සීගිරියේ විශාල යටගියාවක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ මේ අනුව සිගිරිය සම්බන්ධයෙන් ඉදිරියේදි තවත් පර්යේෂණ සිදුකිරිමේ අවශ්‍යාතාව මතුවන බවයි

2017 වසරේ සිදුකළ කැණීම්වලදී මතු කරගත් සිංහයෙකුගේ රුව සහිත ටෙරාකොටා වලින් සෑදූ සිංහ රූපයක් මෙන්ම විදේශීය කාසි සහ විදේශීය මැටි බදුන් දේශී මැටි බදුන් රැසක් රැසකට අමතරව සගිරිය උතුරු දිය අගල ප්‍රදේශයේ විශාල ගොඩනැගිල්ලක නටබුන් මේ වන විට මතු කරගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියඑවකට සීගිරිය හා විදේශීය රට අතර සම්බන්ධතා පැවැත්වූ බවට මෙහිදී සාධක රැසක් හමු වීම සුවිශේෂී කරුණක් බවත් මෙම සිංහ රූපය ඇතුළු පුරාවස්තු අතර පරණ යකඩ පබළු ටෙරාකොටා මැටි බදුන් ආදි පුරාවස්තු රැසක් පවතන බව කියයි මෙම භාණ්ඩ පිළිබඳව සොයා බැලීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා විසින් 16 දින සිදු කළේය.

.meti walan.jpgggggggggggggg

සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණ ද සීගිරියේ සිංහ රුව කිසියම් මැටි යොදා සකස් කර ඇති බවත් එමගින් ගම්‍ය වන්නේ සීගිරියට පැමිණෙන සංචාරකයන්ට සිහිවටනයක් ලෙස මෙම සිංහ පාදය සහිතව රුව ලබා දෙන්නට ඇති බව විශ්වාසය පළ කර සිටීන බවය.

කැණීම් තුළින් හමුවී ඇති මැටි බඳුන් විදේශීය සම්බවයක් සහිත බැවින් සීගිරි කාශ්‍යප රජ සමයේදී පැවැති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබිඹු වන බවත් විශේෂයෙන් රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමග දියුණු වෙළෙඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මඟින් පැහැදිලි වන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

DSC02938.JPG  rrrrrrrrrrrrrrrrrrr

මේ දිනවල සීගිරිය උතුරු දිය අගල ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකරමින් පවතී. එහිදී විශේෂයවන්නේ ගොඩනැගිල්ලක නටබුන් රැසක් හමුවීම බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම් අංශ නිලධාරීහු පවසති.

මීට පෙර මෙවැනි සිංහ රුවක් හමුවී නොමැති බවත් බොහෝ දුරට තවදුරටත් මේ පිළිබදව රීක්ෂණ කටයුතු වලින් සීගිරියේ තව තවත් විස්මිත වූ සිද්ධීන් අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බව මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සීගිරියට පැමිණ භාණ්ඩ සහ සිංහ මුන පිළිබඳව පරික්ෂා කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

   "සිංහ පාදයේ දැනට පවතින ඉහළ කොටස පිළිබඳව සොයා බැලුවහම අපට හිතන්න පුළුවන් සිංහපාදයේ ඉහල කොටසේ සමාන රූපයක් මේ විදිහට පවතින්න ඇති කියලා. වාස්තු විද්‍යාව අනුව ඒක හිතන්න පුළුවන් කාරණයක්. මේ සිංහ රූපය අපි එහෙමම තියලා තවදුරටත් ඒ පිළිබඳව ගවේෂණ කටයුතු ආරම්භ කරගෙන යනවා .සීගිරියේ ප්‍රධාන ම තමයි චිත්‍ර වගේ ම සිංහපාදය සීගිරියේ මීට පෙරත් ටෙරාකොටා මැටි රූප භාණ්ඩ හම්බවෙලා තියෙනවා .ඒව සිහිවටන ඵලක හැටියට දෙන්න ඇති කියලා අදහස් පළ වෙලා තිබුණා. සිගිරියේ මහේශාක්‍ය භාවය බලය සංකේතවත් කරන විවිධ භාණ්ඩ හමුවීම තුළින් මෙන්ම සිංහ පාද අනුරුව නිෂ්පාදනය කොට සිහිවටන හැටියට ප්‍රදානය කළේ ද යන්න විශ්වාස කරන්න පුළුවන්."

yyyyy qwe

"ඒ වගේම තමයි සොයාගෙන ඇති පුරා වස්තු අතර විදේශීය පිඟන් භාණ්ඩ පවතිනවා. පෙරදිග ආසියාතික රටවල භාණ්ඩ හම්බවෙලා තියෙනවා රෝම කාසි හම්බවෙලා තියෙනවා. මේකෙන් ගම්‍ය වන්නේ සීගිරියේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු මොනතරම් දියුණුවට සිදු වුණා ද කියලා. මුල් කාලයේ ඉඳලම මාතොට වරාය හරහා සිගිරිය ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා මාතොට වරායේ සේද මාවත හරහා ජාත්‍යන්තර වෙළඳාමේ න්‍යශ්ටිය හැටියට මුල් කාලයේ පාවිච්චි උනා . ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ කාශ්‍යප රජතුමා ලොකු වැඩ සටහනක් කරන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්."

ඒ වගේම තමයි සීගිරිය උතුරු දියඅගල ප්‍රදේශයෙන් හමුවන දේශීය සම්භවයක් ඇති මැටි භාණ්ඩ රැසක් පවතිනවා ඒ වගේම තමයි වේදිකාවක් සහිත ගොඩනැඟිල්ලක නටබුන් උතුරු දිය අගල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. හිතන්න පුළුවන් යම් කිසි පූජා විධි ක්‍රමවේදයක් පැවතුණාද ජලය හා සම්බන්ධ කරගෙන යාග හෝම වැනි ක්‍රමවේදයක් පවතින ඇතැයි විශ්වාස කරන්න පුළුවන්."

"කාශ්‍යප ගෙන් පසුව සීගිරිය මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට තමයි පැවතිලා තියෙන්නේ ඒ බෞද්ධ ආකාරයට කටයුතු කරනකොට මෙවැනි පූජා විධි ක්‍රමයක් ආගම හා සම්බන්ධ කරගෙන සිදු වුණාද කියන පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුයි. මොකද හොයාගෙන තියෙන මැටි භාණ්ඩ විවිධ පූජා වලට සම්බන්ධ කරගත් ඒවා බවට හිතන්න පුළුවන්.

DSC02895.JPGddddd

ඒ වගේම තමයි උතුරු දිය අගලේ සිදුකරන කැණීම් වලින් අලුත් සිද්ධියක් හැටියට සීගිරියේ ජල ප්‍රවාහනය සිදුවී ඇති ආකාරයේ විශ්වාස කළ හැකි බොහෝ දේ අනාවරණය වෙලා තියෙනවා. උද්‍යානයේ පවතින ජල ගමනාගමනය වැඩි ජල කොටස් පිට දිය අගලට ගලා එන ක්‍රමවේදයත් මෙහිදී සොයා ගන්න හැකි වෙලා තියෙනවා. සීගිරියේ විශේෂයෙන් පුරාණ යාගහෝම පැවැත්වූ ස්ථානයක් හැටියටත් එම ආගමික ක්‍රමවේදය පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක යෙදෙමින් ඉන්නවා.

මෙම ස්ථාන සංරක්ෂණය කොට දෙස් විදෙස් සංචාරකයන්ට මෙම ස්ථාන ද දැකබලා ගැනීමට අවස්ථාව සැලසීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කරනවා.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

විශේෂාංග පුවත්

Footer Banner b