FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

බංග්ලාදේශය කිරි කලයට දා ගත් ගොම බින්දුව

on .

 

274026.jpg4445

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාලියේ අවසන් තරගයට පෙර ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය කණ්ඩායම් දෙකට ඉතාමත් තීරණත්මක වුයේ කණ්ඩායම් දෙකම තරග එක බැගින් දිනා සිටි බැවිනි.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම කවුද යන්න ප්‍රේක්ෂකයින් නොඉවලිසිවන්තව බලා සිටිද්දි ශ්‍රි ලාංකීකයින්ගේ ප්‍රාර්ථනාව වුයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රාහනයයි. එය තරගයේ පැවැත්මට බාධාවක් වුයේ නැහැ. තරගය අවසන් මොහොතේ උණුසුම් වන විට ක්‍රිඩකයින් උණුසුම් වුයේ ක්‍රිඩාවේ ජීවයට හානි වන අන්දමිනි.

 

බංගල්දේශ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස දශක 02 ක් පමණ වන අතර මේ වන විට ඔවුන් දක්ෂාතාවන් පෙන්වමින් තරග ජය ගැනීමේ මාවතට පිවිස සිටිනාව. එවැනි අවස්ථාවක වර්ධනය කර ගත යතු මහත්මා ගතියන් ගිලිහි යාම තවදුරටත් ගමන සම්බන්ධයෙන් වන අයහපත් ඉඟයක් ලෙසයි පෙනේන්නට ඇත්තේ.

ඊයේ දිනයේ සහ ඊට පෙර ශ්‍රි ලංකාව අතර පැවති තරගයේදි ඔවුන් ක්‍රීඩාංගණය තුළ පෙන්වු අවිනීත හැසිරිම් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ ඉතාමත් කනස්සල්ලෙන්ය.

එ අනුව ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර ඊයේ ඛෙත්තාරාම  ක්‍රිඩාපිටියේ  පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අවසන් වූයේ  ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරමිණි.ඊට හේතුව වූයේ තරඟය ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේදීත්, තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුත් එය නිහතමානීව දරා ලැනීමට තරම් වු ජීව ගුණයක් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රගුණ කර නොමැතිවිම හෙතුවෙනි.

274022.jpgttt

තරගයේ අවසාන ඕවරයේ දී විනය පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරම් නොවන හැරිම් රටාවක් බංගලාදේශ කණ්ඩායම ප්‍රදර්ශනය කළේය. අනතුරුව තරගය ජයග්‍රහණය  කළ ඔවුහු එය ඉවසා දරා ගත නොහැකිව ඛෙත්තාරාමයේ ඔවුන් රැදී සිටි විවේකාගාරයේ දේපල වලට අලාභ  හානි කරමින් යකා නැටූහ. අප දැක ඇති ක්‍රිඩකයින් සිය ක්‍රිඩා උපකරණ වලට මෙන්ම තමන්ට තරගය අවස්ථාවේදි සෙවණ සලසන ක්‍රිඩාගාරයට යම් ගෞරවයක් දක්වන ක්‍රිඩකයින්ය. සමහරක් ක්‍රිඩකයින් ක්‍රිඩාගාරයට පිවිසෙන්නේද ආචාර දක්වමින්ය.

ක්‍රීඩකයකු සතු උතුම්ම ගුණාංගය නම් ජය පරාජය යන දෙකම සම සිතින් සම මෙතින් දරා ගැනීමයි . එවැන්නන් සලකන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන් ලෙසිනි. ක්‍රීඩාවකදී නොගැලපෙන අවර ගනයේ හැසිරීමි ප්‍රදර්ශනය කළ හොත් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ වී යාම පමණක්  නොවේ රටේ කීර්ති නාමයටද එය සෘජුව හානිකර ගැනිමක් වනවා.

වරෙක ලෝක සූරයින් බවට පත් වන කණ්ඩායමක් තවත් වරෙකදී අන්ත පරාජයට පත් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිය එයයි. ඒ බව තේරුම් කර ගැනිමට නොහැකි වීම කෙතරමි නම් අවාසනාවන්ත  තත්ත්වයක් ද?

මෙහිදී අපේ කීඩකයින්ගේ හැසීරීම ගැනත් වචනයක් කිව යුතුය .ඇත්ත  වශයෙන්ම ඔවුන් ප්‍රදර්ශනය කළ ඉවසීම හා සංයමය පැසසිය යුතුය.

පරාජයේ අමිහිරි කටුක වේදනාව අභියස හිදිමින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකයට කියා දුන් ඒ මහත්වරුන්ගේ පාඩම ලද පරාජය අමතක කරවන ශක්තියකි. අප දැක ඇත්තේ පරාජයෙන් වියරු වැටෙන මිනිසුන් මිස ජයග්‍රාහනයේදි වියරු වැටෙන නොවේය.

yyy5666                                   

ක්‍රීඩා විචාරකයින් පවසන්නේ බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පසු ගිය දශක දෙක තුළ උපයාගත් කිර්තිනාමය සහ මහත්මා ගතිය එක තත්පරයකින් විනාශ කර ගත් බවයි.

එමෙන්ම අමිහිරි පරාජයේදි තම කණ්ඩායම සමඟ සිටි අපේ ප්‍රේක්ෂකයින් තුළින් ප්‍රදර්ශනය වූයේද සබෑ ඉවසිලි වන්ත භාවයකි.

පරාජයේ වේදනාව  දරා  ගත  නොහැකිව යකා නටන ආසියාවේ සමහර රටවල ක්‍රිඩකයින්ට අප ඊයේ කියා දුන්නේ අලුත් පාඩමක්ද?

අකිලා නදීශානි බණ්ඩාර

274013.jpg0007

 

 

 

 

 

 

 

 

විශේෂාංග පුවත්

Footer Banner b