FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පාතාල දේශපාලනයේ, පිස්තෝල සෙල්ලම් වලට නීතිය යටයිද ?

on .

23071393-standard

පසුගිය දිනෙක පහත් පෙලේ අශෝබන හැසිරිමක් මාධ්‍ය ජලා හරහා අප දුටුවා. එනම් නිරායුධ මනුස්සයෙකුට අවි ගත් කාන්තාවක් හා මිනිසෙකු පහර දිමත්, තවත් පුද්ගලයෙකුගේ ප්‍රබල පුතෙක් අවියකින් නිරායුධ තරුණයෙකුට පහර දිමත් එම සිදුවිම් තුළින් අපට දැක ගත හැකි වුණා.

 මෙම සිදුවිම් වල විශේෂත්වය වන්නේ මෙයට සම්බන්ධ චරිත දේශපාලන චරිත විමයි. එය පණ පෙවු පුද්ගලයා දේශපාලන චරිතයක් විමම විශේෂත්වයක් කර ගනිමින් අද අපි මේ සාකච්ඡාවට මුල පුරන්නේ ජනතාව මෙවැනි සිදු විම් පිළිබඳව ඉතා කළ කිරිමෙන් පසුවන නිසායි.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලික ආත්ම ආරක්ෂාව සඳහා ගිනිඅවියක් භාවිතා ක හැකි වුවද පාළාත් සභා මන්ත්‍රීවරයෙකුට සහ හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකුට මෙසේ ගිනි අවි භාවිතා කළ හැකි වුයේ රටේ කුමන නීතියට අනුවදැයි කියා මෙහිදි අපට ගැටලු මතුවෙනවා.

හිටපු ඇමතිවරයාගේ පුත්‍රයාගේ තුවක්කු සෙල්ලම ගැන නාරාහෙන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ එම සිද්ධියට මුහුණ දුන් පැමිණිලි පාර්ශවය විසින් සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් නිසා අදාල සිද්ධියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට නොහැකි වු බවයි. එමෙන්ම හිටපු ඇමතිවරයා වර්තමානයේදි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු බැවින් බලපත්‍ර සහිත ගිනිඅවියක් භාවිතා කළ හැකි වුවත් එය සිය පවුලේ කෙනෙකුට භාවිත කිරිම සහ කිසිවෙකුට පහර දිම බරපතල වරදක් බවයි.

දෙවැනි සිද්ධියට අදාල සැකකරුවන්ට කඩුවෙල අධිකරණය මගින් දඩුවම් දිමක් සිදු වුවත් එසේ ගිනි අවි භාවිතය අනුමත කළ නොහැකිය.

photoයහපාලන මුලධර්ම මත ක්‍රියාත්මක වන රජයක් බලයට පත් වු යුගයක් දැන් දක්නට ලැබේන නිසා ජනතාව එවැනි යහපාලන රජයක් තුළ මෙවැනි ක්‍රියා අනුමත නොකරයි.

අවි සමග ගැටේන අවකල් දේශපාලන හැසිරිම් වලට තිත තැබිම සදහා ප්‍රජාතන්ත්‍රවාදිත්වය රජයන යුක්තිගරුක සමාජයක් ඇති කිරිම සදහා මේ රටේ ජනතාව 2015දි රාජපක්ෂ රෙජිමය ගෙදර යවා අලුත් රජයක් පිහිටුවා ගත්තා.

අදාල සිද්ධියට පාදක වන චරිත කුමන දේශපාලන පක්ෂයක අයෙකු වුවත් මෙරට ජනතාව අලුතින් ගොඩනැගුනු යහපාලන රජයක් තුල එවැනි සාහසික මැර හැසිරිම් දකින්නට සුදානම් නැත.

ජනතාව ප්‍රතික්ෂේප කරන ක්‍රියා මේ රජය යටතේද දකින්නට සිදුවෙනවා නම් එය ජනතාව කම්පනයට පත් කරවන්නක් වනවා. අපට වැරදුන තැන ගැන නැවත නැවත සිතනවා. යලිත් ඒ වෙනස ගැන ඔවුන් හිතන්නට පුලුවන්. ඒ නිසා වගකිව යුතු රජයක් ලෙස පාට පක්ෂ නොබලා නිසි දඩුවම් කල යුතු බව ජනතා මතයයි.

සැබවින්ම දේශපාලකයින්ට ගිනි අවි අවැසිද? එය විවෘත දේශපාලන ජනතා වේදිකාවක නැවත නැවත සාකච්ඡා විය යුතු ප්‍රශ්නයකි.

LTTEHINDUARCHIVES  2891026f

එදා උතුරේ ඒල්. ටි .ටි ඊ තස්ත්‍රවාදි යුද්ධය නිසාත්, දකුණේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචන්ඩ දේශපාලනය සහ 83 කලු ජුලියෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ තහතම් කිරිමත්, සහ 88, 89 භිෂණය නිසා ජනතා නියෝජිතයන් වු මන්ත්‍රිවරුන්ට තර්ජන එල්ල වුනා. එහිදි සිය ආරක්ෂාව තහවුරු කර ගැනිම සඳහා ගිණි අවි භාවිතය ඇරඹුනා.

එම තර්ජන වලින් ජනතා නියෝජිතයන් බේරා ගැනිම සඳහා ජේ. ආර්. ජයවර්ධන රජය ජනතා නියොජිතයන්නේ ආරක්ෂාව සැපයිමේ වැඩ පිළිවෙලක් දියත් කලා. ඒ අනුව සමාජ සේවයට පැමිණි ජනතා නියොජිතයන් ගිනි අවි සන්නද්ධ ආරක්ෂකයින් පිරිවරා ගත් චරිත බවට පත් වුයේ ඉන් අනතුරුවයි.

එදා පැවතුනු බිහිසුනු තත්වය අනුව ජනතාවට ගැටලුවක් තිබුනේ නැහැ. නමුත් දැන් තත්වය වෙනස්. අද උතුරේ යුද්ධයවත්, දකුණේ ප්‍රචන්ඩ දේශපාලනයවත් දැන් රටේ නැහැ. එසේ නම් මහජන මුදල් වියදම් කරමින් දේ එවැනි ආරක්ෂාවක් දැන් සැපයිම ජනතාව අනුමත කරන්නේ නැහැ. කොටින්ම කිවහොත් ඔවුන් අත ගිනි අවි රැදිම ද අනුමත කරන්නේ නැහැ.

දියුණු රට වල පවා ජනතා නියෝජිතයෝ ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයේය. ඔවුන් අත අවි නැත, වටේට පිරිවරා ගත් ආරක්ෂකයෝ නැත.

ජනතා නියෝජිතයන් සිය ජනතාවට හරියට සේවය කරනවා නම් ජනතාව විසින් එම නියෝජිතයින් රකිනු ඇත. බුදුන් වහන්සේද දේශනා කළ ආකාරයට ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකි.

කුමන දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් වුවත්, පාර්ලිමේන්තු හෝ නගර සභා පාළාත් සභා වුවත් ජනතාව ඔවුන් තෝරාපත් කර ගන්නේ, ඔහු ජනතාව සුරක්ෂිත කරාවි යැයි විස්වාසයෙන්ය.

59dbf7fd6d80adac108b50e7-960-720 1.jpg II

එසේ නම් තුවක්කු නොව ඔවුන් අත රුදිය යුත්තේ පරවියෙක්ය. නමුත් ඒ වෙනුවට ගිනි අවියක් රැඳිමෙන් පලුදු වන්නේ ජනතාවගේ ඒ විස්වාසයි.

අප රටේ ව්‍යවස්ථාව නිර්මාණය වී ඇත්තේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය, සහ ඇමරිකාව වැනි රටවල ව්‍යවස්ථාවන් පාදක කරගෙනය. එසේ නිර්මාණය වු ව්‍යවස්ථාවක් පවතින රටක මෙවැනි දේශපාලන මදාවි ක්‍රියා ව්‍යවස්ථාවේ නොපවතියි.

කවරදාකවත් නොතිබුන මහ අදුරු කාලපරිච්චේදයක් ඇරඹිමේන් පසුව දේශපාලකයා අවි සමග ගැටිමට පටන් ගත්තා. එහෙත් දකුණේ අවිගත් තුවක්කුකරුවන් දකින්න නැත්තම් උතුරේ ද යුද්ධයක් නැත්තම් අද වන විට ජනතා නියෝජිතයන්ට ගිනිඅවි භාවිතය අවශ්‍ය වන්නේ නැත.

එබැවින් ඔවුන් නිවරුදි කිරිමේ වගකිම ඇත්තේ ජනතාව අත නොව දේශපාලන පක්ෂය හා රටේ නීතිය සතුවය.

එසේ නිවරුදි නොකිරිමේන් වර්තමානයේ දිනෙන් දින අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතීනවා. මෙම අපරාධවලට ප්‍රධාන වශයෙන් නීති විරෝධීව පාවිච්චි කරන ගිනි අවි බලපානවා. එසේම මත්කුඩු මත්පැන් ද මෙම අපරාධවලට ප්‍රධාන හේතුවක් ලෙස හැඳින්විය හැකියි. දැනට ලංකාවේ නීති විරෝධී පාවිච්චි කරන ගිනි අවි භාවිතය වැඩිවී ඇත. එම පුද්ගලයන් නිසා සමාජ විරෝධී ක්‍රියා ද වැඩිවී ඇත. එය ජන ජීවිතයට බලපාන බරපතළ ගැටලුවකි. මෙවැනි ගිනි අවි පාවිච්චි කරන පුද්ගලයන් සොයා ඔවුන් අත්අඩංගුවට ගත යුතුය.

එලෙසම මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නිතිඥ චන්ද්‍රසිරි විජේසිංහ මහතා පැවසුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා ආරක්ශක අමාත්‍යංශය විසින් ගිනිඅවි අඥා පනතට යටත්ව ලබා දෙන බලපත්‍ර සහිත ගිනි අවියකින් වුවද පුද්ගලයෙකුට පහර දිමක් කළ නොහැකි බවයි. එමෙන්ම එවැනි පහර දිමක් සාක්ශි සහිතව ඔප්පු වේ නම් අදාළ ගිනි අවියේ බලපත්‍රය පවා අවලංගු කර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන දඩුවම් පැනවිම කළ හැකි බවයි.

එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට අනුබල දෙන පුද්ගලයන්ට ද එරෙහිව පියවර ගත යුතුයි. දැනට බලපත්‍ර නොමැතිව ළඟ තබා ගන්නා ගිනි අවි වටලා ඔවුන්ට එරෙහිව පියවර නොගතහොත් මෙම දහම් දිවයින අපරාධ ද්විපයක් වනු නියතයි. දැනට මත්කුඩු ජාවාරම මෙන්ම ගිනි අවි භාවිතයට එරෙහිව පියවර ගතහොත් මෙම අපරාධ අඩුවනු නියතයි. මේ පිළිබඳව අවධානය යොමුකොට නීති විරෝධීව භාවිතා කරන ගිනි අවිවලට එරෙහිව පියවර ගන්නේ නම් එය සමස්ත ජනතාවට සිදුකරන මහඟු සේවයෙකි.

මේ ලිපිය සැකසිමට කරුනු ගලා අවේද පසුගිය දා දක්නට ලැබුණ එම සිද්ධියයි. නමුත් දේශපාලකයින් ගිනි අවි සෙල්ලම් සාමාන්‍ය ජනතාව සමග කළ ප්‍රථම අවස්ථාවද මෙය නොවන බව අප මතක් කර ගත යුතුයි. සැබවින්ම අවි සමග ගනුදෙනු කරණ දේශපාලන පවුල් සහ පුතුන් දේශපාලනයට ඇඳ නොගැනිමද කල යුතුයි. දේශපාලනය හා පාතාලය අතර තිබේන සමිප සබදතාවය පිළිබඳව අද වන විට කුඩා දරුවන් පවා දැනුම්වත්ය. එසේ නම් අප විමසන්නේ මොවුන් දේශපාලකයින්ද නොතැ නම් පාතාල ලෝකය නියොජනය කරන සමාජිකයින්ද යන්නයි. අද වන විට ජනතා නියෝජිතයන්ට ගිනි අවි අවශ්‍ය වන්නේ එකී පතාලයේන් ආ දේශපාකයනිගේ ආරක්ෂා විමට මිස ජනතාවගේ ආරක්ෂාවිමට නොවේ.

handgun2

ගිනි අවි සමග ගනුදෙනු නොකරන පාර්ලිමේන්තුවක් සහ දේශපලානයක් රට තුළ පවත්වා ගැනිමේ ප්‍රථම වගකීම හිමි වන්නේ දේශපාලන පක්ෂවලටයි. එම වගකීම පක්ෂ ඉටු කරන්නේ නම් රජයකට තිබෙන ජනතා ආරක්ෂව කියන ප්‍රබල සාධකයට අභියෝග මතු නොවේ. තව දුරටත් මොවුන් අත ගිනි අවි තිබුනොත් ඉදිරියේදිද අපට දකින්න ලැබේන්නේ මෙවැනි සිදුවිම්ය.

ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වුවා යැයි කීවද, යහපාලනය සමාජ ගත වූවද, එය තවමත් දේශපාලන භාවිතය තුළ යතාර්ථයකන් බවට පත්විමක් නම් අපට පෙනෙන්නට නොමැත. ජනතා නියෝජිතයා ගේ චරිතය මැර චරිතයක් නම් එය ඉතාම සෝචනිය සහ නැවත ප්‍රශ්න කළ යුතු තත්ත්වයකි.

අවිගත්තෝ අවියෙන්ම නසිති. ධර්මය එසේ වුවද අවිගත් දේශපාලකයින් සහ පුතුන් ජනතාවට එල්ල කරණ පීඩනය ඉවසිය නොහැක. අවිගත් මිනිසා අවියෙන් නහිනකම් බලා සිටියෝත් සිදුවන්නේ ඒ මිනිසා අතින් තවත් මිනිසුන් නැසිම බවද වගකිව යුත්තෝ තේරුම් ගත යුතුයි.

යහපාලන රජයේ නාමයට දේශපාන කල්ලී සමාජිකයින්ගේ මෙවැනි නොහික්මුන මදාවි දේ හැසිරිම් බලවත් බාදකයකි. සදුන් ගගේ වුවත් පිලිලයක් හටගත්තෝත් එම සදුන් ගහෙන් වුවද ඵලක් වනේනේ නැත. අතින් කැඩිය හැකි පිලිල හැකි ඉක්මනින් නොකැඩුවොත් සිදුවන්නේ පොරොවෙන් වත් කැපිය නොහැකි තත්තවයක් ඇතිවිමයි.

එම නිසා ඉදිරියේදි ජනතාවටද තවත් අවස්ථාවක් ඇති නිසා මෙවැනි සිදුවිම් හරහා එම අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට ගැනිමට බොහෝ ඉඩ කඩ තිබෙනු නිසැකයි.

අකිලා නදිශානි බණ්ඩාර

විශේෂාංග පුවත්

Footer Banner b