FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ජාතිවාදයෙන් රට ගිණි තියන උමතු දේශපාලනය

on .

National-Day-Of-Srilanka---Introduce-Your-Child-To-The-Celebrations-1517686919

ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර සංස්කෘතික විවිධත්වය පවති. මෙය ස්වභාවයෙන් මිනිසාට උරුම වුවක්. එහෙත් එය කිසිවෙකුට වෙනස් කිරිම හෝ අතුගා දැමිම කල නොහැක්ක. එය සිදු කිරිමට උත්සහ කිරිම උමතුවක්. මේ උමතුව තුළිනුයි දෙවන මහ ලෝක යුද්ධයේ ආරම්භයට ද මුල පිරුනේ.

සංස්කෘතික විවිධත්වයක් තිබු ජර්මනිය තුළ හිට්ලර් විසින් පිරිසිදු ජාතියක් ගොඩනැගිමට කළ උමතු උත්සහයෙන් මුලු ලෝකයම දැවි මිලියන ගණන ජනතාවකට ජිවිත වලින් වන්දි ගෙවිමට සිදුවුවා. මෙම උමතුන් යුරෝපයෙන් මෙපිට ආසියානු කලාපයෙන් ද අපට අත්දැකීම් දකින්නට පුළුවන්.

පිරිසිදු ජාතියක් හෝ ආගමික සංස්කෘතියක් ගොඩනැගිමට මෙම උමතු නායකයින් උත්සහ කරන්නේ වසර සිය ගණනක් එකට සිටි විවිධ සංස්කෘතින් බිල්ලට ගනිමිනි.

 maxresdefault

මෙම උමතුම පසුගිය දශකය තුළ ශ්‍රි ලංකාව තුළ දලුලා වැඩෙන්නේ හුදකලාව නොවන අතර එයට රාජ්‍ය නායක මට්ටමේ ආශිර්වාදයත් සමගිනි. මෙම උමතුවට අප රට පසුගියද මුහුණ දුන්නේ ද යන්න අප සිතමු.

යම් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමකට අවශ්‍ය මුස්ලිම් සහ සිංහල අන්තවාදයක් අවුලුවා රට දේශපාලන වශයෙන් අරාජික කොට පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පසුගිය සති කිහිපය තුල සිට රට අභ්‍යන්තරයේ සිදුවන වන යම් යම් සිදිධින් සිදුවිම් නිසා අපට පෙනේ.

 සැත්තැවසරක් පුරා රට පාලනය කරන අපේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා මේ පොළවේ ඇති තරම් ලේ ගලා ගියා අතර ඉන් දුකට පත් වූයේ අසරණ ජනතාවයි. තිස්වසරක් උතුරේ පැවති යුද්දයේ තුවාල කැලල් මැකි යාමටත් පෙර කී, අවස්ථාවාදී දේශපාලන කන්ඩායමට අවශ්‍ය ඇත්තේ යලි ජාතිවාදය අවුලුවාලීමටයි. එමෙන්ම රටට ජාතියට ආගමට ඇති කැක්කුම වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කිරිම වරදක් නොවන බවත් එය විර කමක් ලෙස සිතිමට ජනතාව පෙලඹවිමට එම අවස්ථාවාදීන් කටයුතු කරයි.

Image-2018-03-08.jpg  kandy 02

මුස්ලිම් බහුතරය වෙසෙන නැගෙනහිර පාළාතේ අම්පාර ප්‍රදේශයේද එක් හැඩයක ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට පිරියක් උත්සහ දැරීය. එහිදි සිංහල දෙමළ ජන කොටස් අතර විරසක බාවයක් ඇති කර ජාතිවාදි ගැටුම් තත්ත්වයක් මතු කිරිමට ඔවුන් යොදා ගත්තේ වඳ පෙත්තකි. එය සාර්ථක නොවු තැන මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් බහුතරයක් වාසය කරන ප්‍රදේශයක ඇති වු රිය අනතුරක් පාදක කරගෙන මෙම ජාතිවාදි ගින්න අවුලුවාලීමට වෙර දැරිය. මෙහිදි නැගෙනහිරට වඩා මහනුවරදී මේ අවස්ථාවාදී දේශපාලන කාණ්ඩවල වල අරමුණු සාර්ථක වු බවක් පෙනේ.

හිදි ජිවිත විනාශ වි ආගමික සිද්දස්ථාන ඇතුලු දේපල බරපතළ හානි සිදුවිය. මේ අවස්ථාවාදය දුර තිය තෙරුම් ගත් රජය අවස්ථාවාදීන් ගේ අරමුණු සාක්ෂාත් කර ගැනිමට ඇති ඉඩකඩ වලකාලීමට වහා ක්‍රියාත්මක විය.

-2018-03-08.jpg kandy

ඒ අනුව, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයා ගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක අංශ ක්‍රියාත්මක විය. මහනුවර ප්‍රදේශයට විශේෂ බලඇනි යවා එහි සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය සුරක්ෂිත කිරිමට වැඩ කලේය. මහනුවර ප්‍රදේශයට ඇදිරි නිතිය පැනවූ රජය මුලු රටේම හදිසි නිතිය ප්‍රකාශයට පත් කරමින් ජාතිවාදි ගින්න රට තුල ඇවිල යාමේ ඉඩ කඩ නවතා දැමිය.

ශ්‍රී ලංකාව බහුජාතික බහුආගමික රටක් බව අමුතුවෙන් කිවයුතු නැත. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජා මැලේආදි විවිධ ජන කොටස් බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හා හින්දු වැනි අගම් අදහමින් සහජීවනයෙන් ජිවත් වන යුගයක් දැන් දැන් රට තුල නිර්මාණය වි ඇත. 

අවස්ථාවාදී බඩගොස්තරවාදි දේශපාලන අන්තවාදීන් කිහිප දෙනෙකුට ඇරෙන්නට මේ රට තුල ජිවත් වන සාශිතය බහුතරයකට අවැසි වි ඇත්තේ ලේ මැදින් ඇවිද ආ ඒ බිහිසුණු කුරිරු අත්දැකීම් අමතක කර දමා සාමයෙන් සහජීවනයෙන් ජිවත් විමටය.

සිංහල දෙමළ හා මුස්ලිම් ජාතින් අතර ගැටුම් ඇති වු අවස්ථාව නැත්තේම නොවේ. එහිදි තවමත් අපේ මතකයෙන් නොමැකුනු අලුත්ගම සිදුවිම ඉන් එකකි. පැවති රජයේ දේශපාලන වාසි ලබා ගැනිමේ අරමුනින් එම ක්‍රියාව පාවිච්චි කිරිමේ අනිටු විපාක අදටත් අපි විදිමු. මහනුවරින් මතුවිමට උත්සාහ ගනුලැබුවේද අලුත්ගම සිද්දයට නොදෙවෙනි වු දේශපාලන අන්තවාදයකි. රජයේ දුරදක්නා වැඩ පිලිවෙල නොවන්නට එය අවුලෙන් අවුලට ගොස් මහ විනාශයනට පාර කපන්නට ඉඩ තිබුනි.

අතිතයේ සිටම සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර යම් යම් අවස්ථාවලදි ඇති වු විරසක භාවයන් පසුපස ක්‍රියාත්මක වුයේ පටු දේශපාලනයයි. මහනුවර සිදුවිමෙන් අනතුරුව වගකිවයුතු ඇතැම් දේශපාලන නායකයින් පවා බොර දියේ මාලු බැමක නිරත වන ඉවක් පෙනෙන්ට ඇත.

මහනුවර සිදුවු මෙම අවාසනවන්ත සිදුවිමේ පිටුපස සිටින වලව් දේශපාලනයට ගැවුනු ඒ චරිත සොදාහැර වෙනත් දේශපාලන චරිත මත එය පැටවිමේ සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද පේනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ වලින් හා විමල් විරවංශ මන්ත්‍රී වරයා පාර්ලිමෙන්තුවේ කළ ප්‍රකාශ වලින් එය තහවුරු වේ.

පළාත් පාලන ඡන්දයෙන් අනතුරුව මෙරට ජාතික දේශපාලනය වෙනස් කිරීමට දත කෑ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මේ මොහොතේ යමක් කිව යුතු ය. එනම් අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන්නට එපා යැයි කියන පණිවිඩයි. දේශපාලනය මහත්වරුන් ගේ වැඩකි. එය එය අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් අතට පත් වූ තැන රට විනාශ මුඛයට යාම නැවතිය නොහැකිය.

ජාතිවාදය කුමන ස්වරූපයකින් මතු වුව ද එය විනාශය ළඟා කරවයි. එම නිසා මේ මොහොතේ  සෑම ශ්‍රී ලාංකිකයකුටම බලවත් වගකීමක් පැවරේ .ඒ අන් කිසිවක් නොව ජාති වාදයට එරෙහිව නැගී සිටීමයි. එම නිසා ආගමික වේෂයෙන් හෝ අවස්ථාවාදී දේශපාලනයට මුවා වී හෝ මතු වන අවස්ථාවාදී  මර උගුල් වලට හසු නොවී සිටීමයි. පටු වර්ගවාදය පිටු දැකීමයි.

 

අකිලා නදිශානි බණ්ඩාර

 

 

 

විශේෂාංග පුවත්

Footer Banner b